Tuesday, December 4, 2012

සැබෑ ගුරුවරයා ### 2 කොටස

දුබල පාද
-ඉන්ඩි සෙලනි-

ආදරණීය පැට්සි,
                          මට ඔයාව හම්බ වුණේ මට අවුරුදු හයේදී. මම ඔයාගේ බැලේ පන්තියට ආවා. මොකද මගේ පාද විශේෂඥයා කියලා තිබුණා මට තියෙන්නේ දුබල පාද කියලා. බැලේ හරි පිහිනීම හරි ඒවා ශක්තිමත් කරයි කියලා ඔහු කියලා තිබුණා.ඒ හින්දා අම්මා ඉක්මනින් ම මාව ඒ දෙකටම ඇතුලත් කළා. අධි සාධනය, පේන විදිහට නම්, ඒක මගේ පවුලෙන් ම එන දෙයක්.
                                   මං ඔබ ඉදිරි‍යේ සිට ගත්තා. මගේ පන්තියේ පුංචි යාලුවන්ට ඔවුන්ට වඩා දෙගුණයකින් ලොකු පිමුබුණු ලියෝටාඩ් ඇදුම් ඇද ගෙන සිටියා. (ඒ ගානට ඔයා ලොකු වෙයි, මගේ අම්මා මාව සැනසුවා.) මට කකුල් දෙක එළියට දමා ගන්නත් අමාරු උනා. පෙරලී වැටෙන්නේ නැතිව ඇගිලි තුඩු වලින් නැගී සිට ගන්න, එක කකුලක් ඉහළට ඔසවන්න, ඒ එකක්වත් හරියට කරන්න බැරි මෝඩ මම , ලැජ්ජා වුණා.
                                අනෙක් අතට , ඔයා , ප්‍රසන්නයි. ලස්සන සිහින් සිරුරක් තිබුණා. කතා කරන්නේ හෙමින්. කරුණාවන්තයි. විශ්වාසය ඇති කරවන සුලුයි. ඒ විතරක්ද මගේ අම්මා වගේ නෙවෙයි, අම්මා කෙනෙක් වගේ මෘදුයි. මම මේ අලුත් පන්තිය (මේ නැටුම් පන්තිය ) හදුනා ගනිමින් සිටියා . තවමත් කෝටු අරගෙන ඉන්න, ඔලුව හරි බඩ හරි ඉදිරියට තල්ලු වුණාම පහර දෙන මහ හයියෙන් රුසියානු ආරෙන් කතා කරන බැලේ ගුරුවරු ගැන ඇති තරම් අහලා තිබුණා. ඒ වගේ ගුරුවරු ගැන හිතනකොටත් මගේ ඇග ඇතුළ හිම ‍වගේ මිදෙනවා නමුත් ඔබ , ඒ හිම , ඔබේ නාසය පැත්තකට අඹරන මෘදු හිනාවකින් දිය කර හැරියා. ඒ හිනාව වසර තිහකට පසුවත් අද වාගේ මගේ මතකයේ තියෙනවා.
                           ඔබ ඉවසීමෙන් යුතුව පොළොව හරහා පියවර තබන්න උදව් කළා. එක් දණහිසක් උස්සමින්, ඊළගට අනික .ඒ අතරතුරේදී උඩ පනින්න කියමින් , පනින්නට උගන්වමින් . විවේචන හා හිරිහැර වලින් කණස්සල්ලට පත් කොට ශිෂ්‍යයා එයින් යළි නැගී සිටීමට හා වැඩියෙන් මහන්සි වීමට පෙළඹිය යුතු යැයි විස්වාස කරන පොදු පාසල් ගුරුවරුන්ගෙන් හා පුහුණුකරුවන්ගෙන් පිරුණු තරගකාරී ලෝකයා හමුවේ දැඩි කරගෙන සිටි මගේ හදවත ඔබේ දයාවෙන් මෙලෙක් වුණා.
                             ඔබ සුභ පැතීම් හා දිරිමත් කිරීම් වෑස්සුවා. ඒ වගේම මට ඇහෙන මානයේ දී මගේ අම්මාට කියූ විශ්වසනීය වචන , 

එයා වගේ වෙන කවුරුවත් සංගීතයට ඇහුම් කන් දෙන්නේ නෑ
මගේ පළමු වේදිකා ඉදිරිපත් කිරීම මම හොදටම පුරුදු වුණා. මට පියාපත් ලැබුණා වගේ මං නැගී සිටියා . ප්‍රේක්ෂකයන්ගේ අත්පොළසන් හඩ ඇසෙද්දී මගේ අත් සුලලිතව සැලෙන්නට ඉඩ සලසමින් මම වේදිකාව පුරා ඇගිලි තුඩු වලින් නැගී දිව ගියා. වැරැද්දක් වෙයි කියා හෝ අසාර්ථක වෙයි කියා හෝ බියක් තිබුණේ නැහැ. ගීතයට පණක් දෙමින්, සංගීතයට අනුව චලනය වීමේ උද්දාමය පමණයි තිබුණේ.
                                   
                                              ඔබ නොගැළපෙන ගෑණු ළමයෙක්ව සුනම්‍ය නාටිකාංගනාවක් කළා.
                              මේ අවුරුදු ගණනාව පුරා දහස් ගණනක් බැලේ ශිෂ්‍යයන් ඔබේ දොරෙන් එළියට ආවා.ඔබ මගේ විතරක් නෙමෙයි ඒ හැමදෙනාගේම ජීවිත වලට ඇමතුවා. අපි අවධානය යොමු කළේ , හොදට හැසිරුනේ හා මහන්සි වී වැඩ කළේ දඩුවමට බයෙන් නෙවෙයි. අපි නටන්න ආසා කළා. ඒ වගේම ඔබට ආදරය කළා.
                             අවුරුදු ගණනාවකට පස්සේ, මට මගේම තරුණ දරුවන් ඉන්න කාලේ මම පත්තරෙන් දැන ගත්තා ඔබ පිළිකාවකින් මිය ගිහින් කියලා. ඔබ මට ශාරීරිකව ලබා දුන්නු ප්‍රසන්න බව, මිනිසුන් කෙරෙහි විශ්වාසය රැදවීමේ ගුණය වගේම මගේ නොනිමෙන නැටීමේ අශාවත් මට සිහි වුණා. මට හිතුණා මේ ලියුම මීට අවුරුදු ගණනාවකට පෙර ලිව්වා නම් කියා.
                           මම ඔබේ බැලේ පන්තියට ඇතුළත් වුණේ දුර්වල පාද ඇතිව වෙන්න පුලුවන්. නමුත් මම එළියට ආවේ ශක්තිමත් හදවතක් ඇතිව . මම ගිම්හාව නිවාඩුවේසී තමාගේ පළමු නර්තන පාඩම උදක්ම  ඉල්ලා සිටින මගේ දුව හදා වඩා ගැනීමේ  දී ඔබේ සැලකුම් ගුණය ආදර්ශයට ගන්න මම උත්සහ කරන්නම්.

ආදරය හා ස්තුතිය සමගින්,


ඉන්ඩි සෙලනි,

මොන්ටෙරී පෙනින්ස්‍යුලා, කැලිෆෝනියාව.

ඉන්ඩි සෙලනි උතුර් කැරොලයිනාවේ ලේඛිකාවකි, සංස්කාරවරියකි. ඇය මෑතකදී Her Story, What I learned in My Bathtub..... and More True Stories on Life, Love  and  Other Inconveniences (Adams Media, 2005) යන කෘතීන් හි සංස්කරණය කළාය.

5 comments:

  1. අන්න ගුරුවරු. සංවේදී නිර්මාණයක් සහෝ

    ReplyDelete
  2. මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතුව ඉස්කෝලෙ යන කාලෙ වැඩ කරන්නෙ නෑ කියල මට බැනපු ගුරුවරු අතරෙ මාව ගොඩ දාපු 10,11 වසරෙ අපිට ගණන් උගන්නපු ජයන්ත සර්ව මතක් උනා.

    ReplyDelete
  3. හැම වචන පේලියක ම ජීවිතේට වැදගත් වෙන යමක් කියවෙනවා...
    හරිම සංවේදියි හරිම ලස්සනයි.මේ post 1 ඇතුලේ වචනයෙන් කියන්න බැරි කතන්දර ගොඩක් ගැබ් වෙලා තියෙනවා කියලයි මට දැනෙන්නෙ...

    ReplyDelete
  4. හැමදෙනාටම ගොඩක් ස්තුතියි අදහස් වලට! මේ අදහස් අපේ සිහින ලොවෙන් තවත් ඉදිරියට කරගෙන යන්න ලොකු ශක්තියක්!

    ReplyDelete

අදහස් දක්වන්න කාලය වෙන්කලාට ‍බොහොම ස්තූතියි! :)