Monday, December 3, 2012

සැබෑ ගුරුවරයා!________ 1 කොටස


          නූතන සමාජය තුල ගරු බුහුමන් ලබන්නන් වැඩි පිරිසක් එයට සුදුසු දැයි මා හට සැකයක් මතුවේ. දේශපාලුවන් හා පගා ගන්නන් ඉතා ඉහල තනතුරු හොබවමින් මිනිසුන් රවටා ඔවුන්ගේ ගරු බුහුමන් ලබති. මෙම තත්වය තව දුරටත් පැවතිය හොත් සමාජයට සිදුවන අයහපත අප සැවොම දනිති. මේ කරුණ මත පදනම්ව සැබෑ  ගුරුවරයෙකුගේ අවශ්‍යතාව පැහැදිලිව මතුවේ! මන්ද ?. එය මෙසේය

        ගුරුවරයා යනු තවත් අයෙකුට යම් දෙයක් සොයා දෙන්නෙකු වේ! එය දැනුම බුද්ධිය හෝ නිර්මාණාත්මක හැකියාවක් විය හැකිය! ගුරුවරයා තම ගුරුහරුකම ලබා දිය යුත්තේ ශිෂ්‍යයා නිවැරදි මගක යැවීමට‍ය / සමාජයට හිතකර අයෙක් වීමට‍ය / හොද නරක තේරුම් ගත හැකි බුද්ධිමතෙකු වීමට‍ය! අද සමාජයට අවශ්‍ය ගුරුවරයාගේ කටයුත්ත මෙසේ වූවද ඔවුන් ටියුෂන් කඩ කාරයින් වී හමාරය_ ඔවු‍න්ගේ ගුරු ගරුත්වය තරගකාරීත්වය විසින් සො‍රා ගෙනය_

          ළමා මනස දකින්නන් කොහි ද ?, නිර්මාණ අගයන ගුරුවරු කොහිද ?, ජීවිතය කියා දෙන ගුරුවරු කොහිද?.
ගරු කල යුත්තන්ට ගරු කිරීම ඉතා හොද දෙයක් ලෙස මම දකිමි. නමුත්

ඔවුන් සොයා ගිය ගමනක මට හමුවූයේ පැහැදිලි අකුරින් අකුරු කරන ලද පොතකි! එය Letters to My Teacher නම් කෘතියේ සිංහල පරිවර්තනයකි!
එහි කතා පෙළ හැකි අයුරින් ඔබ වෙත තැබීමට ගන්නා උත්සහයක ඇරඹුමයි! 
අප අතර සිටින සැබෑ සැගවුනු ගුරුවරුන්ට උපහාරයක් වේවා!.

නොහැක්ක හැක්කක් කිරීම
_ලෝරා ඇල්පර්ට්_

ආදරණීය මිසිස් , බෝවන්,


           1975 අවුරුද්ද , ලැප්ටොප් පරිගණක හා අක්ෂර වින්‍යාසය නිවැරදි කරන වැඩසටහනක් හදුන්වා දෙන්නට පෙර වූ කාලයයි . ඔබේ සැලකිමත් කල්පනාකාරී හා ඉවසිලිවන්ත ඉගැන්වීම නිසා මං ජීවිත කාලය පුරාම රැගෙන යන ආකාරයේ ආත්ම විශ්වාසයක් හා ආත්ම ‍ගෞරවයක් මා තුල ඇති කරන්නට ඔබට පුලුවන් වුණා.
             මට ඩික්ලෙක්සියා රෝගය තිබෙන බව හය වසරේදී දැන ගත්තද එයින් අදහස් වූයේ කුමක්දැයි මම හරියටම දැන සිටියේ නැහැ. ඒ වුණත් උච්චාරණය කරන්න අමාරු ලස්සන වචනයක් මම අක්ෂර වින්‍යාස දෝෂයෙන් යුක්ත වූ බව කියා දීමට අවශ්‍ය නොවන බව මං දැනගෙන සිටියා.
             හැම සිකුරාදාම භයානක අත්දැකීමක් , හැම සිකුරාදාම අක්ෂර වින්‍යාසය පරීක්ෂණය තිබුණා. ඒ කියන්නේ හැම සිකුරාදාම කදුලු. මට පරීක්ෂණයක් හරි පූශ්න පත්තරයක් හරි තියෙන ඕනෑම වේලාවක මට ඒක ආපහු ලැබුනේ කපන ලද රතු පෑන් සලකුණු වලින් පිරුණු පිටු එක්කයි. හැම පිටුවක්ම මතකයට ගෙනාවේ පිළිකුල් සහගත ශල්‍ය කර්මයක ‍ශේෂයක්. එය හරියට මගේ ලේත් බඩවැලුත් මං ඉදිරියේ අතුරා තැබීමක් වගෙයි. පාසල් වැඩ කළ නොහැක්කක් වගේ පෙනුණා.
             භාෂා කලා පන්තියේ ඉගෙන ගැනීමට කැප වීම මගේ අදහස උනත් නිවැරදි අක්ෂර වින්‍යාස භාවිතයේ මගේ වු නොහැකියාව මාව මැඩපවත්වන්නක් මෙන් ම පිළිකුලට භාජනය කරන්නක් ද වුණා. මගේ අනෙක් යහලුවන් සමග පුංශ හෝස්පාඤ්ඤ භාෂා පන්තියකට පැන යනවා වෙනුවට මම නුරුස්සන ගතියකින් යුතුව හා නොසන්සුන් සිතකින් ටෙක්සාස් වල ඩලස් හි හොකඩේ පාසලට ඔබව හමු වීමට ආවා.
             මං මුලින්ම ආපු වෙලාවේ ටෙක්සාස් වල උණුස්ම් හිරු වගේ උණුසුම් සිනාවකින් යුක්තව දිරා ගිය පුස්තකාල ලී මේසයේ සිට ඔබ මා දෙස හිස ඔසවා බැලුවා. ඒ කුඩා කාමරය,හිස ගැල්වූ ඇක්වා නෙටි සුවදින් හා රෝස් ගාඩ්න් සුවදින් සම්පූර්ණයෙන්ම පිරලා තිබුණා. පළවෙනි දවසේ මට ඒ ගොඩක් දේවල් මතක හිටියේ නැහැ. ඒ වුණත් ඉස්කෝලෙ ගැන තිබිච්ච කලකිරීම අඩු වෙයි කියන සැනසිල්ල මට දැනුනු බව නම් මතකයි.
             කාලයක් එක්ක මගේ අක්ෂර වින්‍යාසය දියුණු වුණ. ඔබ මට මගේ පාඩම්, කොලයක කරන්නේ නැතිව කලු ලෑල්ලේ කරන්න ඉඩ දුන්නා.
             එතකොට මට සාක්ෂි මකලා දාන්න පුලුවන් මම බල කරලම කියා සිටියා.
             රතු පාට ලකුණු කිරීම් කොහේවත් නෑ - කිසිම දිහාක. මම ඔබ වෙනුවෙන් ලිව්වා. ඔබ මාව තේරුම් ගත්තා. ඉවසීමෙන් යුතුව ඔබ මට අක්ෂර වින්‍යාස නීති යළි යළිත් ඉගැන්වුවා.
             E එක ඉස්සරහින් I,C අකුරට පස්සේ , ඒක A අකුරේ ශබ්ධයක් නොදේ නම් - neighbor හා weigh යන වචන වල වගේ _ අවුරුදු තිහකට පසුවත් මට නිරායාසයෙන්ම කියවෙන නීතී.
             සිකුරාදා සතියේ අවසන් දිනයට වඩා වැඩි දෙයක් නැති දිනයක් බවට පත් වුණා. මගේ පුශ්න පත්තර වල රතු තීන්ත එන්න එන්න අඩුවුණා. ලේ ගැලීමක් සිදු වූ විට ඒ තුවාල වලට වෙලුම් පටි යෙදීමට ඔබ හැම වෙලාවෙම හිටියා.ඔබ හින්දා මස් රාත්තලක් කැපුවත් , බිය උපදවන රතු සලකුණු තව දුරටත් දකින්නට ලැබුණේ නෑ.ඔබේ මෘදු කාරුණික බව හා වටහා ගැනීමේ හැකියාව නිසා ඉගෙනීමේ නොහැකියාව තිබුණද මම කැපී පෙනෙන හා හැකියාව ඇති අයෙකු බවට විශ්වාසයක් මා තුළට කාවැද්දුවා.
             කිසිම දෙයකට ඔබේ ගමනට බාධාවක් වන්නට ඉඩ නොදිය යුතුයි_ මේ වචන සෑම සෑම පන්තියක් ඉදිරියේම කලු ලෑල්ලේ සටහන් කර තැබිය යුතුයි.
             අවසාන පන්ති කිහිපය ආරම්භ කරන එක් අවස්ථාවක දී මම පැයක් මුලුල්ලේම දැඩිව අතින් අල්ලාගෙන සිටි පොඩි වුණු කොළ කෑල්ල ඕනවට එපාවට මෙන් උඩ දැම්මා.
                                   ඔබ මොකද හිතන්නේ ? මං ඇහුවා.
මේ නිකන් දම්පාට කොළ කෑල්ලේ වැදගත්කම එක් වරම ඔබ අවබෝධ කර ගත්තා.එම පිටුවේ උඩ රවුම් කරලා මායා අංකය තිබුණා. - 100 .
මට කරන්න තිබුණු  අන්තිම අක්ෂර වින්‍යාස  පරීක්ෂණ වලින් එකකට සාර්ථක ලෙස පහර දීලා තිබුණා. ඔබ මාව රෝස සුවද ගොඩකින් බදා ගෙන වහ ගත්තා.
             ඔයාට ඒක කරන්න පුලුවන් කියලා මම හැම වෙලාවෙම දැනගෙන හිටියා මගේ කන් දෙකේ පැය ගානක් යනකන් රැව් දුන්නා.
             ඔබේ උදව් ඇතිව මට කළ නොහැක්ක , හැක්කක් වුණා . ශබ්ද කෝෂයකින් සන්නද්ධව, මට ශාස්තීය වශයෙන් විශිෂ්ඨයෙකු විය හැකියි කියන විශ්වාසය ඇතිව , ඉගෙනීමට අශාවක්, උසස් පාසලත් කොලීජියත් පිබිදුවා. නීති විද්‍යාලයේ වාං මාලාව නිසා විභාග වල දී කුඩා කැපුම් හා සීරීම් වලින් තුවාල වුණද මං නීතිඥ වෘත්තියේ යෙදුණු මුලු කාලයේදී ඉවරයක් නැතිව ආයාචන , සාරාංශ කිරීම් හා ලියුම් ලිව්වා. ඒ ඔක්කොම  නීතිඥ වෘත්තියට බාධා කරන , එහෙත් අවශ්‍ය කරන වචන වලින් බහුල වුණා.
              මම දැන් මගේ පළමු නවකතාව ප්‍රකාශයට පත් කරන්න උත්සහ ගන්නවා. - මේ ඩික්ලෙක්සියා රෝගී ශිෂ්‍යාව කිසිම දිනෙක සිහිනෙන්වත් දකින්න උත්සහ නොකළ වීර ක්‍රියාව .
        සිත එකග කර ගත් පැය ගණන් හා පෙර සූදානම් ඇතිව මම දිනපතාම වැඩ කළා- මා දිරමත් කරන ඔබේ වදන් සිහි කරමින්. සතතාභ්‍යාසයේ හා උද්‍යා්ගය නිසා මගේ අක්ෂර වින්‍යාසය වැඩි දියුණු වූ ආකාරයෙන්ම මගේ ලිවීමද දියුණු වෙයි. ඒ සෑම දෙයක්ම මැද්දේ ඔබේ වදන් මගේ සිතිවිලි වල දෝංකාර දෙනවා.
         ඔයා ඔයාගේ වැරැද්දෙන් ඉගෙනීමක් ලබන්න ඕන නම් ඔයා වැරැද්දට මුහුණ දිය යුතුයි. ඊට පස්සේ ප්‍රශ්නයට යොමු වන්න
          මම ප්‍රකාශකයෙකු ගෙනුත් 100% සාමාර්ථය කවදා හෝ ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙය ඉටු වේයැයි කියන විශ්වාසය මා තුළ තියෙනවා . ඒ මොකද ඔබ මට කළ නොහැක්ක කළ හැක්කක්  කියා ඉගැන්වුවා.


මිසිස් බෝවන්, මගේ ජීවිතයේ සියලුම හැකියාවන් වෙනුවෙන් ස්තූතියි!

ලෝරා ඇල්පර්ට්
ඩලස් , ටෙක්සාස්

ලෝරා ඇල්පර්ට් නිදහස් ලේඛිකාවක, සංස්කාරවරියක ලෙස හා ලේඛන පුහුණුකාරියක ලෙස කටයුතු කරයි. අනෙක් අයගේ සිහිනයන් ළගා කර ගැනීමට දිරිදීමට කාලය කැප කිරීම ඇගේ ආශාවයි! ඩලස් වල පදිංචිකාරියක වන ඇය, ඇගේ අල්ත්ම අභිරහස් නවකතාව Big D's  නම් වූ සරාගික මිනී මරුවාගේ ක්‍රියා ආශ්‍රයෙන් ලියමින් සිටී.  

8 comments:

  1. අද කාලෙ පොතටත් වඩා අන්තර්ජාලය අපිට සමීප වෙලා. ඉතින් පොතෙන් ඈත් වෙලා අන්තර්ජාලයට ලං වුනු අපිව ඒ තුලින්ම ආයිත් පොතට ලං කරන්න දරන මේ උත්සාහය නම් ඇත්තටම අගය කරන්න ඕනි.

    බොහොම ස්තුතියි. :)

    ReplyDelete
  2. http://en.wikipedia.org/wiki/Dyslexia
    මට මුලින්ම ආපු ප්‍රශ්නෙ ඩික්ලෙක්සියා රෝගය කියන්නෙ මොකක්ද කියන එක

    ReplyDelete
  3. ටොට්ටෝ චං ගෙ පොත කියෙව්වට පස්සෙ මම අද තමයි මේ වගේ ලස්සන ලිපියක් කියෙව්වෙ...
    අද වෙද්දි සැබෑ ගුරුවරයා කියන සංකල්පෙ ගොඩක් යටපත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ ගුරු-ගෝල සම්බන්ධය උනත් සෑහෙන්න දුරස් වෙලා.
    හොද ගුරුවරයෙකුට බලාපොරොත්තු දල්වන්න, හැගීම් අවදි කරන්න වගේම අධ්‍යාත්මය ඔප්නංවන්නත් පුළුවන් කියලා මට කියෝගෙන යද්දි හිතුනා.
    ඒත් පගාවට බලයට යට වෙච්ච සමාජෙක ඒ වගේ මිනිස්සුන්ට පවතින්න අමාරුයි! අදත් එහෙම අය නැතුවාම නෙමෙයි. මඩ ගොහොරුවක පිපුණ නෙළුම් මල් වගේ යහ ගුණ පතුරුවන ගුරුවරුන්ට මේක හොද උපහාරයක් වේවි...

    2 කොටසත් ඉක්මනට ලියන්න.... :)

    ReplyDelete
  4. සැබෑ ගුරුවරු සොයා ගිය ගමනේ ආරම්භය ගැන මට සතුටුයි!
    අද වගේ විශේෂ දවසක ඒක පටන් ගන්න ලැබීම ගැනත් තවත් සතුටුයි!
    ඔබ මගේ සිහිනයයි! :-)

    ReplyDelete
  5. ++++++++++++++
    මේක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි...සුපිරි කථාවක්.හිතට වැදෙන්න ලියලා තියෙනවා. :D

    අද කාලෙත් මෙහෙම ගුරුවරු නැතුවා නෙවෙයි.ඒත් ඉන්න ප්‍රමාණය නම් අඩු වෙලා.ඒ වගේම තමයි කෙළෙහිගුණ දන්න සිසු ප්‍රමාණයත් අඩු වෙලා :((((

    ReplyDelete
    Replies
    1. හදවත වෙනමත් බුද්ධිය වෙනමත් හදන්න යන එකේ විපාක කියලයි මට නම් හිතෙන්නෙ

      Delete
    2. ඒක ඇත්ත අය්යේ.සම්පුර්ණයෙන්ම එකඟයි ඒ කථාවට :)))))))

      Delete

අදහස් දක්වන්න කාලය වෙන්කලාට ‍බොහොම ස්තූතියි! :)