Tuesday, December 4, 2012

සැබෑ ගුරුවරයා ### 2 කොටස

දුබල පාද
-ඉන්ඩි සෙලනි-

ආදරණීය පැට්සි,
                          මට ඔයාව හම්බ වුණේ මට අවුරුදු හයේදී. මම ඔයාගේ බැලේ පන්තියට ආවා. මොකද මගේ පාද විශේෂඥයා කියලා තිබුණා මට තියෙන්නේ දුබල පාද කියලා. බැලේ හරි පිහිනීම හරි ඒවා ශක්තිමත් කරයි කියලා ඔහු කියලා තිබුණා.ඒ හින්දා අම්මා ඉක්මනින් ම මාව ඒ දෙකටම ඇතුලත් කළා. අධි සාධනය, පේන විදිහට නම්, ඒක මගේ පවුලෙන් ම එන දෙයක්.
                                   මං ඔබ ඉදිරි‍යේ සිට ගත්තා. මගේ පන්තියේ පුංචි යාලුවන්ට ඔවුන්ට වඩා දෙගුණයකින් ලොකු පිමුබුණු ලියෝටාඩ් ඇදුම් ඇද ගෙන සිටියා. (ඒ ගානට ඔයා ලොකු වෙයි, මගේ අම්මා මාව සැනසුවා.) මට කකුල් දෙක එළියට දමා ගන්නත් අමාරු උනා. පෙරලී වැටෙන්නේ නැතිව ඇගිලි තුඩු වලින් නැගී සිට ගන්න, එක කකුලක් ඉහළට ඔසවන්න, ඒ එකක්වත් හරියට කරන්න බැරි මෝඩ මම , ලැජ්ජා වුණා.

Monday, December 3, 2012

සැබෑ ගුරුවරයා!________ 1 කොටස


          නූතන සමාජය තුල ගරු බුහුමන් ලබන්නන් වැඩි පිරිසක් එයට සුදුසු දැයි මා හට සැකයක් මතුවේ. දේශපාලුවන් හා පගා ගන්නන් ඉතා ඉහල තනතුරු හොබවමින් මිනිසුන් රවටා ඔවුන්ගේ ගරු බුහුමන් ලබති. මෙම තත්වය තව දුරටත් පැවතිය හොත් සමාජයට සිදුවන අයහපත අප සැවොම දනිති. මේ කරුණ මත පදනම්ව සැබෑ  ගුරුවරයෙකුගේ අවශ්‍යතාව පැහැදිලිව මතුවේ! මන්ද ?. එය මෙසේය

        ගුරුවරයා යනු තවත් අයෙකුට යම් දෙයක් සොයා දෙන්නෙකු වේ! එය දැනුම බුද්ධිය හෝ නිර්මාණාත්මක හැකියාවක් විය හැකිය! ගුරුවරයා තම ගුරුහරුකම ලබා දිය යුත්තේ ශිෂ්‍යයා නිවැරදි මගක යැවීමට‍ය / සමාජයට හිතකර අයෙක් වීමට‍ය / හොද නරක තේරුම් ගත හැකි බුද්ධිමතෙකු වීමට‍ය! අද සමාජයට අවශ්‍ය ගුරුවරයාගේ කටයුත්ත මෙසේ වූවද ඔවුන් ටියුෂන් කඩ කාරයින් වී හමාරය_ ඔවු‍න්ගේ ගුරු ගරුත්වය තරගකාරීත්වය විසින් සො‍රා ගෙනය_

          ළමා මනස දකින්නන් කොහි ද ?, නිර්මාණ අගයන ගුරුවරු කොහිද ?, ජීවිතය කියා දෙන ගුරුවරු කොහිද?.
ගරු කල යුත්තන්ට ගරු කිරීම ඉතා හොද දෙයක් ලෙස මම දකිමි. නමුත්

ඔවුන් සොයා ගිය ගමනක මට හමුවූයේ පැහැදිලි අකුරින් අකුරු කරන ලද පොතකි! එය Letters to My Teacher නම් කෘතියේ සිංහල පරිවර්තනයකි!
එහි කතා පෙළ හැකි අයුරින් ඔබ වෙත තැබීමට ගන්නා උත්සහයක ඇරඹුමයි! 
අප අතර සිටින සැබෑ සැගවුනු ගුරුවරුන්ට උපහාරයක් වේවා!.

නොහැක්ක හැක්කක් කිරීම
_ලෝරා ඇල්පර්ට්_

ආදරණීය මිසිස් , බෝවන්,