Saturday, November 10, 2012

මාත් ඇන්දා..... චිත්‍රයක්!


දවසක් දා මටත්...
සිතුනා අදින්න‍ට යමක්

හොඩියේ පුරුද්දෙන්
ඇන්දා ඉරක් මුල්ලකින්

යටින් පොඩි ගස් ටිකක්
ගහක් යට බංකුවක්

 එහායින් ලොකු ගෙයක්
ගේ වටේ මල් ගොඩක්

දැන් ඉතින් මොනවද අදින්නෙ????  o.O

ආහ්! බබාලා ටිකක් වත්තෙ සෙල්ලම් කරනවා ඇන්දනම් හරි!
එතකොට "අපි සෙල්ලම් කරනවා" කියලා මාතෘකාව දාන්නත් පුළුවන් නෙ!

ඒත් බබාලා කී දෙනෙක් අදිනවාද?
2ක්?
3ක්?
4ක්?
??????????
අපෝ....... එතකොට මිනිස්සු රූප ගොඩක් අදින්න වෙනවනේ..... :-/


...........
ආවා මට අදහසක්!


බංකුව උඩින් මම
ඇන්දා පොඩි බබෙක්
උකුල උඩ 'ලැප්ටොපක්'
කන් දෙකේ 'ඇබ දෙකක්'


අහා.... ඔය තියන්නේ...
එහා ගෙදර පොඩි ළමයා වගේමයි!


මෙහෙමනෙ අද කාලෙ සෙල්ලම් කරන්නෙ
තව ඩිංගෙන් හරිම ප්‍රශ්නයක් වෙනවා

ළමයි ගොඩක් එකට ඉන්නවා ඇන්දනම් හිතයි,
පෙළපාලියක්වත් යනවා ඇංදයි කියලා.....!
:-o

11 comments:

  1. Wow! maru! Fatta! loweth nae!....
    how many babies ?...

    ReplyDelete
  2. මතකයි මට
    පුළුන් වගේ අතට අහු වෙන
    තාරාවුන්ට කංකුං කැවූ හැටි
    9 වසරෙදි නේවාසිකාගාරයෙදි.

    ඒත් මේ මෑතකදි
    දුටුවා පොඩි එකෙක්
    තාරාවෙකුට කවන හැටි
    කොම්පියුටරයෙන්.

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් ළමයින්ට සෙල්ලම් කරන එකත් විහිලුවක් වගේ වෙයි.
      අපි පොඩි කාලෙ කරපු දේවල් එයාලට advance මදි වෙයි.

      Delete
    2. නැහැ. මං හිතන්නෙ එයලට system requirements නෑ අපේ games වලට :)

      Delete
    3. හී හී.......
      සහතික ඇත්ත!

      Delete
  3. නුහුරු ගතියක් දැනුනද
    මෙහිද ගතියක් ඇතිබව
    Blog ලියා නැති මා හට
    දැනේ කෙමෙන් නුවනට

    මෙවැනි දෙයකට
    කුමක් කීමට
    අවැසි දෝ මට
    නොහැගේ හිත යට

    අනාගතයේදී
    ළමා කාලේදී
    ලැබිය යුතු පරිදි
    අත්දැකීමෙහි නොරැදි
    අනාගත පරපුරේදී
    මැවෙයි හද බිඳී....

    කෙසේ වුවත්
    මෙයද යහපත්
    වැඩක් සේ පෙනුනත්
    මෙවැනි අදහස්
    සොයනු නැත ලොවෙත්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!
      ලොවෙත් නැති ප්‍රතිචාරයක්
      blog ලියන්න පටන් ගත්තොත් නරකද?

      Delete
    2. අනේ මා හට
      එවැනි දෙයකට
      සිතක් නොරැදී විට
      ඇරඹුමක් තවම නොමැත මට....

      Delete
    3. ඔහොම යද්දි
      සිතක් පහල වෙයි :D :P

      Delete
  4. @Pasindu Galgomuwa

    මල්ලියේ උඹේ කට
    වසා ඔය "බෑ" එකට
    පටන් ගමු පුංචියට
    දනිමි මම හැක උඹට

    ReplyDelete

අදහස් දක්වන්න කාලය වෙන්කලාට ‍බොහොම ස්තූතියි! :)