Tuesday, December 4, 2012

සැබෑ ගුරුවරයා ### 2 කොටස

දුබල පාද
-ඉන්ඩි සෙලනි-

ආදරණීය පැට්සි,
                          මට ඔයාව හම්බ වුණේ මට අවුරුදු හයේදී. මම ඔයාගේ බැලේ පන්තියට ආවා. මොකද මගේ පාද විශේෂඥයා කියලා තිබුණා මට තියෙන්නේ දුබල පාද කියලා. බැලේ හරි පිහිනීම හරි ඒවා ශක්තිමත් කරයි කියලා ඔහු කියලා තිබුණා.ඒ හින්දා අම්මා ඉක්මනින් ම මාව ඒ දෙකටම ඇතුලත් කළා. අධි සාධනය, පේන විදිහට නම්, ඒක මගේ පවුලෙන් ම එන දෙයක්.
                                   මං ඔබ ඉදිරි‍යේ සිට ගත්තා. මගේ පන්තියේ පුංචි යාලුවන්ට ඔවුන්ට වඩා දෙගුණයකින් ලොකු පිමුබුණු ලියෝටාඩ් ඇදුම් ඇද ගෙන සිටියා. (ඒ ගානට ඔයා ලොකු වෙයි, මගේ අම්මා මාව සැනසුවා.) මට කකුල් දෙක එළියට දමා ගන්නත් අමාරු උනා. පෙරලී වැටෙන්නේ නැතිව ඇගිලි තුඩු වලින් නැගී සිට ගන්න, එක කකුලක් ඉහළට ඔසවන්න, ඒ එකක්වත් හරියට කරන්න බැරි මෝඩ මම , ලැජ්ජා වුණා.

Monday, December 3, 2012

සැබෑ ගුරුවරයා!________ 1 කොටස


          නූතන සමාජය තුල ගරු බුහුමන් ලබන්නන් වැඩි පිරිසක් එයට සුදුසු දැයි මා හට සැකයක් මතුවේ. දේශපාලුවන් හා පගා ගන්නන් ඉතා ඉහල තනතුරු හොබවමින් මිනිසුන් රවටා ඔවුන්ගේ ගරු බුහුමන් ලබති. මෙම තත්වය තව දුරටත් පැවතිය හොත් සමාජයට සිදුවන අයහපත අප සැවොම දනිති. මේ කරුණ මත පදනම්ව සැබෑ  ගුරුවරයෙකුගේ අවශ්‍යතාව පැහැදිලිව මතුවේ! මන්ද ?. එය මෙසේය

        ගුරුවරයා යනු තවත් අයෙකුට යම් දෙයක් සොයා දෙන්නෙකු වේ! එය දැනුම බුද්ධිය හෝ නිර්මාණාත්මක හැකියාවක් විය හැකිය! ගුරුවරයා තම ගුරුහරුකම ලබා දිය යුත්තේ ශිෂ්‍යයා නිවැරදි මගක යැවීමට‍ය / සමාජයට හිතකර අයෙක් වීමට‍ය / හොද නරක තේරුම් ගත හැකි බුද්ධිමතෙකු වීමට‍ය! අද සමාජයට අවශ්‍ය ගුරුවරයාගේ කටයුත්ත මෙසේ වූවද ඔවුන් ටියුෂන් කඩ කාරයින් වී හමාරය_ ඔවු‍න්ගේ ගුරු ගරුත්වය තරගකාරීත්වය විසින් සො‍රා ගෙනය_

          ළමා මනස දකින්නන් කොහි ද ?, නිර්මාණ අගයන ගුරුවරු කොහිද ?, ජීවිතය කියා දෙන ගුරුවරු කොහිද?.
ගරු කල යුත්තන්ට ගරු කිරීම ඉතා හොද දෙයක් ලෙස මම දකිමි. නමුත්

ඔවුන් සොයා ගිය ගමනක මට හමුවූයේ පැහැදිලි අකුරින් අකුරු කරන ලද පොතකි! එය Letters to My Teacher නම් කෘතියේ සිංහල පරිවර්තනයකි!
එහි කතා පෙළ හැකි අයුරින් ඔබ වෙත තැබීමට ගන්නා උත්සහයක ඇරඹුමයි! 
අප අතර සිටින සැබෑ සැගවුනු ගුරුවරුන්ට උපහාරයක් වේවා!.

නොහැක්ක හැක්කක් කිරීම
_ලෝරා ඇල්පර්ට්_

ආදරණීය මිසිස් , බෝවන්,

Monday, November 26, 2012

මෙහෙම හිතන අය අත උස්සන්න බලන්න....

click to view larger image


එදාටත් වඩා අද සමාජෙට වටින මේ වගේ සිංදු දැන් වැරදිලාවත් ඇහෙන්නෙ නැත්තෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නෑ :( සමහරවිට මේ අබුද්දස්ස කාලෙ නිසා වෙන්න ඇති. එහෙම නැත්තන් මාධ්‍ය ආයතන වල ලොක්කො උපතින් ම බයිලා කාරයො ද? O.o

මට හදිසියෙම මේ සින්දුව මතක් උනේ එක දවසක් අපි ගිය ටියුෂන් පංතියකදි දැකපු සිද්ධියක් නිසා.
අපේ පංතියට එහා පංතියේ තිබ්බේ ශිෂ්‍යත්ව පංතියක්. ශිෂ්‍යත්ව පංතියක් කිව්වට 3 වසරෙ ළමයි පහේ ශිෂ්‍යත්‍ව විභාගෙට සූදානම් කරවන පංතියක්. :P

එක දවසක් දවල් 11ට විතර ඒ පංතියෙ අම්මලා දෙන්නෙක්ගෙ ලොකු කලබලයක්... කෑ ගහනවා, අඩි හප්පනවා, එක විකාරයයි! ඒ වෙද්දි 3 වසරෙ ළමයි ඉස්කෝලෙ ඇරිලා ඇවිත් හිටියෙ නැති නිසා අපිට ඒ කතාබහ හොදටම ඇහුණා. [නැතුව අපි වැඩ ඔක්කොම නවත්තලා අහං හිටියා එහෙම නෙවෙයි ;)]

Saturday, November 10, 2012

මාත් ඇන්දා..... චිත්‍රයක්!


දවසක් දා මටත්...
සිතුනා අදින්න‍ට යමක්

හොඩියේ පුරුද්දෙන්
ඇන්දා ඉරක් මුල්ලකින්

යටින් පොඩි ගස් ටිකක්
ගහක් යට බංකුවක්

 එහායින් ලොකු ගෙයක්
ගේ වටේ මල් ගොඩක්

දැන් ඉතින් මොනවද අදින්නෙ????  o.O

Monday, October 22, 2012

ඔබ මගේ සිහිනයයි!

සාගරය සිහිනයක් නදියට...
සැනසුම සිහිනයක් කදුළ...
උණුසුම සිහිනයක් සිසලට...

ක්ෂිතිජය සිහිනයක් සයුරට...
හිස් අහස සිහිනයක් වළාරොදට...

මේ රාත්‍රිය සිහින දකින්නන්ට...
අනාගත සිහිනය ලොවට...


එනමුදු,

ඔබ නොදත් එකම දෙය...
ඒ ඔබ මගේ සිහිනයයි!

Saturday, October 20, 2012

Wednesday, October 10, 2012

පළවෙනි 1

1
හිත ඇතුලෙ තියෙන පුංචි හීන ලෝකෙ‍ට
කාලයක් තිස්සෙ එකතු වෙලා තිබුණු දේවල්
අකුරු වලට හරවන්න ඕනි කියලා අපිට හිතුන...
අපි
අපිවම
අපේ ලෝකෙම
අපි අතින්ම විනාස කරගන්න කාලෙක...
මවාගත්ත සිහින ලෝකෙක හරි
ලස්සන හෙටක් දකින එක වැරදිද?

අපේ හීන වල තියන්නෙ බොහොම සරල, සාමාන්‍ය, වැඩි දෙනෙකුට වැදගත් නොවිය හැකි අදහස්.
ඒත් අපි උපරිමයෙන් උත්සහ කරනවා ලෝකෙට වැඩක් ඇති එක වචනයක් හරි  ලියන්න.
ඒ නිසා වෙන වැඩක් නැති වෙලාවකවත් කියවන්නකො. :)

තව දෙයක් කියන්න ඕනි,
ඕනිම දේකට දෙපැත්තක් තියෙනවා කියනවනෙ... මම නම් හිතන්නෙ ඊටත් වඩා තියෙනවා.
අපි මේ ලියන්නේ අපේ හිතට දැනෙන හැටි සහ අපි දකින හැටි විතරයි.
වරදක් උනොතින් සමාවෙන්න....